Friday, June 5, 2020

ඔබේ දරුවා චෙස් ඉගෙන ගත යුත්තේ ඇයි?

චෙස් ක්‍රීඩාවේ නිරත වීමෙන් ඔබගේ දරුවාට ලැබෙන පොදු ප්‍රතිලාභ කිහිපයක් පහත සඳහන් වේ:

  • සංජානන හැකියාවන් - පුද්ගල සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කුසලතා වන අවධානය, මතකය සහ තාර්කික චින්තනය වැනි සංජානන හැකියාවන්ගේ දියුණුවක් පෙන්නුම් කිරීම.
  • නිර්මාණශීලීත්වය - චෙස් ක්‍රීඩාවේ නිතරම සිදුකරන දෙයක් වන ගැටළු විසඳීම තුළින් නිර්මාණශීලීත්වය වැඩි වීම.
  • විවේචනාත්මක චින්තනය - චෙස් තරගයකදී තරග කරුවන්ට මුහුණ දීමට සිදුවන විවිද තරග පිහිටුම් වලදී, තම පිළට සහ විරුද්ධ පිළට ඇති වාසිදායක සහ අවාසිදායක තත්වයන්, නිසිලෙස තක්සේරු කර එමගින්, එම පිහිටුමට ලැබෙන වටිනාකම ගැන නිවැරදි විනිශ්චයක් කර, එම පිහිටුමේ කළ හැකි හොඳම ඇදීම ගැන තීරණ ගැනීමට නිතරම තරග කරුවන් උත්සාහ ගනී. මෙම ක්‍රියාවලිය හේතුවෙන් ඔවුන්ගේ විවේචනාත්මක චින්තනයේ වැඩි දියුණුවක් සිදුවේ.
  • සාක්ෂරතාවයේ වැඩි දියුණුව - ක්‍රීඩාවන් අතර ලොව වැඩිම පොත් ගණනක් ලියවී ඇත්තේ චෙස් ක්‍රීඩාව සම්බන්ධයෙන්ය. චෙස් ක්‍රීඩකයන් නිතරම චෙස් පොත් පරිශීලනය කරන බැවින්  ඔවුන්ගේ සාක්ෂරතාවය වැඩි දියුණුවේ.  
  • සදාචාරාත්මක හැඟීම - චෙස් ක්‍රිඩකයින් අතර ආකල්ප  හා සාමාන්‍ය හැසිරීම් වල වැඩිදියුණුක් බොහෝ විට දක්නට ලැබේ.
  • ගණිතය විෂයේ  වඩා හොඳ ප්‍රතිඵල අත්කර ගනී

චෙස් ඔබේ දරුවා දක්ෂයෙක් කරයි!

No comments:

Post a Comment

Why should your child learn Chess?

The most frequently cited general benefits of chess include the development of: Cognitive abilities , such as attention, memory, and logical...